බකමූණා… බස්සා… ඌරුමුවා…

මේ හැම නමකින්ම හැදින්නුවෙ මෙයාව තමා….

අර සිංහලෙන් owl කියන්නෙ අන්න එයා  😛

මෙයා ගෙන බොහොම ආස හිතෙන කරුනු ටිකක් අද e-mail කින් මට ලැබිල තිබුන  විකියෙත් ඒ ගෙන හොයල බැලුවට පස්සෙ ඒ ගෙන බ්ලොග් පෝස්ට් එකක් දැම්මොත් හොදයි කියල හිතුන. 😀

බකමූණ නැත්නම් බස්ස ප්‍රධාන වශයෙන් අයත් වෙන්නෙ Strigiformes කියන වර්ගයට මේක තවත් කොටස්දෙකකට බෙදනව ඒ Barn Owls හා Typical Owls විදිහට.මේ අනුව මේ වන විට බස්සන් විශේෂ 200කට වඩා ලොව පුරා ඇන්ටාක්ටික් හැර අනික් සියලුම මහද්වීප වල ජීවත් වේ.

බස්සන් මාංශභක්ෂක කුරුල්ලන් වේ. උන් බොහෝ විට කුඩා ක්ෂීරපායින් කෘමි සතුන් මත යැපේ සමහරක් මාළු දඩයම් කරුවන්ද වේ. බොහෝ කුරුල්ලන් මෙන් බස්සාටද දත් නොමැත ඌ තම ගොදුර කුඩා කැබලි වලට ඉරා ගිල දමයි.පසුව දිරවිය නොහැකි කොටස් නැවත වමාරනු ලබයි.

බොහෝමයක් බස්සන් විශේෂ නිශාචර වන අතර සමහරක් පාන්දර (pygmy owl) හා අදුර වැටීගේන එන සවස් කාලයේත්  සමහරක් දහවල් කාලයෙත් (burrowing owl,short-eared owl)  ක්‍රියාකාරී වේ.

මිනිසුන්ගේ මෙන් නොව බස්සන්ට තම ඇස් හරවා බැලිය නොහැක මේ නිසා පැත්තෙන් තිබෙන වස්තුවක් නැරබීමට තම සම්පූර්න හිස හැරවීමට බස්සන්ට සිදුවේ. මේ නිසා බස්සාට තම හිස සම්පූර්ණයෙන්ම අනික් පැත්තට හරවිය හැකියැයි මිථ්‍යා මතයක් ගොඩනැගී ඇත. ඇත්තටම බස්සෙකුට එක පැත්තකට හිස හැර විය හැක්කේ අංශක 135 පමණි. මේ අනුව බස්සෙකුට අංශක 270 දෘෂ්ටි පරාසයක් ඇත.

එසේම බස්සෙකුට තමන්ට සෙන්ටි මීටර කිහිපයක් ලගින් ඇති වස්තු පැහැදිලිව දැකිය නොහැක නමුත් ඉතා අඩු ආලෝක තත්ව යටතේ උවද දුරින් පිහිටි වස්තුවක් ඉතා පැහැදිලිව දැකීමේ හැකියාව බස්සෙකුට ඇත.

බස්සන්ට විශාල පරාසයක් පුරා විහිදුණු හඩක් පවතී.

බස්සන්ගේ විශේෂ පිහාටු සැකැස්ම උන් පියාපත් සැලීමේදි ඇති කරන ශබ්දය අඩු කිරීමට සැකසී ඇත. මේ නිසා නිහඩව තම ගොදුර කරා යාමේ හැකියාව බස්සෙකු සතුවේ.

බස්සන් ස්භාවයෙන්ම නිහඩ සතුන් කොටසක් උවත් බස්සන් කණ්ඩායම්ක් හැදින්වීමට ඉංග්‍රීසි භාෂාවේ “parliament” යන වචනය යොදා ගනී.( සුද්දො අපේ පාර්ලිමේන්තු දැකල නැද්ද කොහෙද 😀 )