ලියන්න දෙයක් නැති වුනාම… බ්ලොග් ලියන අයට පොඩි උදවුවක්

ඔන්න මමත් කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආව අන්තිමට බ්ලොග් පෝස්ට් එකක් දැම්මෙ 7/05 අද 9/01 සෑහෙන් කල් ගිහිල්ල… 😦

මුකුත්ම නොදා හිටියෙ කාලයක් නොතිබුණ නිසාම නෙමේ දාන්න කියල මොකුත්ම වැදගත් දෙයක් ඔළුවට ආවෙ නැති නිසා….. 😐  මම හිතන්නෙ මේ ප්‍රශ්නෙ තියෙන්නෙ මට විතරක්ම නෙමේ බ්ලොග් ලියන අනිත් අයටත් මේ ගැටලුවම ඇති, මේ ගෙන හිත හිත ඉන්නකොට තමා 😕 මේ වීඩියෝව හම්බ වුනේ මේ වීඩියෝවෙන් මේ ගැටලුවට පොඩි උදවුවක් ගන්න පුළුවන්. මේ වීඩියෝ එක ගෙන කතාකරන්න ඉස්සෙල්ල මේක උස්සපු තැන ගෙනත් වචනයක් කියන්න ඔනේ 😀 ,මේක ඉස්සුවේ problogger.net කියන අඩවියෙන් මේක බ්ලොග් ලියන අයට උදවු කරන අඩවියක්. දැන් කට්ටිය කියයි මේ වගෙ ඒව ඕන තරන් තියනවනෙ කියල හැබැයි ඒ හැම එකකම වගෙ තියෙන්නෙ බ්ලොග් වලට අදාළ තාක්ෂණික කරුණුනෙ, නමුත් මේකෙ තියෙන්නෙ හොද බ්ලොග් ලියන්නෙක් වෙන්නෙ කොහොමද කියල ඒ කිවුවෙ අපි කොහොමද අපෙ ලිපියක අන්තර්ගතය සකස්කරගන්නෙ,අපේ බ්ලොග් අඩවිය කියවන පාඨකයන් එක්ක සම්බන්ධතාව තියාගන්නෙ කොහොමද වගෙ දේවල් ඒ අතර තාක්ෂණික ලිපි නැතුවම නෙමේ. පොඩ්ඩක් ගිහිල්ල බලන්නොකො ඉගන ගන්න ගොඩාක් දේවල් තියනව.

හරි දැන් වීඩියෝවට එමුකො මේකෙන් පෙන්නන්නෙ බ්ලොග් එකේ ලියන්න මෙලෝ දෙයක් හිතෙන්නෙ නැති වෙලාවට අලුත් ලිපියකට අදහස් හොයගන්නෙ කොහොමද කියල. ( මේක එක විදිහක් විතරයි තව ක්‍රම ඕන තරන් තියෙනව ) මෙතනදි අපිට ලියන්න ඕන දේවල් ගෙන අදහස් දෙන්නෙ අපේ පාඨකයො ඉතින් ඒක නිසා බ්ලොග් එක කියවන අය බලාපොරොත්තු වෙන විදිහෙ බ්ලොග් එකක් අපිට හදාගන්න පුළුවන් 🙂 මෙතනදි ආදර්ශයට අරන් තියෙන්නෙ photography ගෙන කථා කරන බ්ලොග් අඩවියක් මේක අපිට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන් 😉

ප.ලි. වියාකරණ නිවරැදි කිරීම : http://www.subasa.net