EngX බැලීමට ගියෙමි (part – II)

ඔන්න මම කලින් post එකේ කිවුවනෙ GPS නිසා යාන්තන් අතරමං නොවී ගිය හැටි අද කියන්නෙ දෙවනි දවස ගෙන.

මාමගෙ ගෙදරින් උදේට කාපු අපි දෙන්න 9.30 විතර නුවට town එකට ආව එතනින් සෑහෙන වටයක් ගැහුවට පස්සෙ ගම්පොල බස් නවත්තන තැන හොයාගෙන යාන්තන් බස් එකකට ගොඩ උනා කියමුකො ඒත් මේ බස් එක නෙමේ යන්නෙ සෑහෙන වෙලාවක් ඉදල, ඊට පස්සෙ town එක වටේ පාරකින් ගිහිල්ල පේරාදෙණිය Eng. faculty එක ගාවට එනකොට 10.30 ට විතර ඇති 😦  කොහොම හරි faculty එකට ආවට පස්සෙ අපි ආයෙ නවත්තපු තනින් පටන් අරගෙන දිගටම බලාගෙන ගියා.

ඔය අතරෙ අපේ පාසලෙන් Uni  එකට ආපු අයියල ගොඩකුත් හම්බ උනා උන්ගෙන් කට්ටියක් අපිට සෙට් වෙලා අපිත් එක්කම ප්‍රදර්ශනය වටේ ඇවිදින්න ගත්ත හැබැයි උන්ටත් ඉදිරිපත් කිරීමක් තිබුන ඒකත් ලග හිටපු අක්කල කට්ටියකගෙ ඇගේ ගහල තමා මුන් අපිත් එක්ක ආවෙ 😉

අපේ අයියලත් එක්ක ආගිය තොරතුරු කතාකරන ගමන් 🙂 වටේම ඇවිද්ද කොහොමහරි හවස 5 විතර වෙද්දි මුලු ප්‍රදර්ශනේම බලල ඉවරකරන්න පුලුවන් උනා. ඊට පස්සෙ කරන්න දෙයක් නැතුව ඔහේ ඉද්දි අපෙ අයියල සෙට් එක කිවුව අක්බාර් පාලමෙන් එහාපැත්තට ගිහින් එහෙ සිරි නරඹමු කියල 🙂 අපිටත් ඕන දෙයක් නිසා උන් එක්කම එහා පැත්තට ගිහිල්ල ඒ පැත්තෙ කොනටම ගියා. ඔය හරියෙ පොඩි කඩේක fruit salad  විකුනනව අපිත් එතෙනට සෙට් වෙලා fruit salad වලට වග කියල එහෙන්මම ආයෙ නුවර ආව….

 

 

One thought on “EngX බැලීමට ගියෙමි (part – II)

  1. GPS සෙට් වෙන සිද්දියක් තමා ! මම ත් ගත්තේ GPS තියෙන ෆොන් එකක් තමා

Leave a comment