කාපු බීපු වෙලාවට කියන කතා

සෙට් එක පොඩ්ඩක් සෙට්වෙලා ඉන්න වෙලාවක තවත් බැචෙක් එක්ක ගිය දුරකථන සංවාදයක්.



A: අඩෝ උඹල කොහෙද බන් ඉන්නෙ අද ලෙක්චර්ස් යන්නෙ නෑ    නේද?


B: පිස්සුද බන් මොන ලෙක්චර්ස්ද බන් අපි **** සෙට් වෙලා  ඉන්නෙ උඹත් වරෙන්


A: අඩෝ බෑ බන් මම කෑල්ල එක්ක ඉන්නෙ පස්සෙ සෙට් වෙමු


B: අවුලක් නෑ බන් වරෙන්, මෙහෙ ඕනතරන් කොල්ලෝ ඉන්නව


A: !#%^%#$

කුරුලු කතා

සෑහෙන කලෙකට පස්සෙ තමා බ්ලොග් එක පැත්තෙ එන්න හම්බ වුනේ මේ දවස් වල විභාගෙත් ඉවර වෙලා ගෙදර ඉන්න එකේ මොනාහරි ලියල දාන්න හිතුව 😀 කොහොමත් මේ කාලෙ පිටරට කුරුල්ලොත් ලංකාවට එන එකේ අපේ මිදුලෙත් හරියට කුරුල්ලො වැහිවැහල. වැඩිහරියක්ම ඉන්නෙ දෙමලිච්චො තමා උන්ගෙ සද්දෙ තමා සද්දෙ ඔය ගෙදර ඉන්න පූස එහෙම පොඩ්ඩක් ලගින් ගියොත් ඉවරයි ! ඌත් ඉතින් සිල් ගත්ත වගේ කුරුල්ලො දිහා බලාගෙනම ඉන්නවනෙ

කොහොම හරි අද කියන්න තියෙන්නෙ ඔය කුරුල්ලො ගෙන කතා ටිකක් තමයි…

කුරුලු  කතා 1

මම කිවුවනෙ අපේ පූසටත් කුරුල්ලො කිවුවොත් අයෙ මොනවත් ඔනෙ නෑ කියල මූත් ඉතින් දවස් ගානක් පෙරුම්පුරල කුරුල්ලෙක් අල්ල ගත්ත 😐 අල්ලගෙන ඉතින් ගෙට තමා ගෙනාවෙ ඊට පස්සෙ කට්ටියම එකතු වෙලා කුරුල්ලව බේරගන්න, මූ ඉතින් ඔච්චර මහන්සිවෙලා කුරුල්ලව ඇල්ලුවෙ හුරතල් කරන්න නෙමෙනෙ උත් වැඩේ අතාරින්නෙම නෑ… කොහොම හරි ඇදක් යටට වෙලා හිටපු පූස් ත්‍රස්තවාදියගෙන් අපේ කුරුලු ප්‍රාණ ඇපකාරය බේරගන්න පුලුවන් උනා : D

කුරුල්ලට වෙච්ච තුවාල නිසා පියාඹන්න බැරුවයි හිටියෙ ඊට පස්සෙ කුරුල්ලට ගේ පිටිපස්සෙ ගබඩා කාමරේ නවාතැන් දුන්න (මීයො රිංගනවට වටෙන්ම දැල් ගහල තිබ්බ නිසා ඒක තමයි පූසට රිංගන්න බැරි එකම තැන ) කුරුල්ල ගෙන පොඩ්ඩක් කිවුවොත් මු නිතර දකින්න හම්බවෙන එකෙක්නන් නෙමෙයි. සයිස් එකෙන් දෙමලිච්චෙක් විතර ඇති කොළ පාට කුරුල්ලෙක් කොට්ටෝරුවෙකුගෙ වගේ හොටක් තිබ්බ කුරුල්ලගෙ තිබ්බ විශේෂම දේ තමා හොට දෙපැත්තෙන් තිබ්බ රැවුල් ගස් ටික හරියට පූසන්ගෙ තියනව වගේ මොන උනත් කුරුල්ලගෙ වර්ගෙනන් හොයා ගන්න බැරි වුනා 😦 කුරුල්ලට කොච්චර සාත්තු කලත් අන්තිමේදි දවස් දෙක තුනකින් ඌ මැරිල ගියා)

කුරුලු කතා 2

කට්ටිය දන්නව ඇතිනෙ වඳුරෙකුට කණ්ණාඩියක්  අහු වුනාම මොනවගේද ඒ වගේම තමා කුරුල්ලෙකුටත් කණ්ණාඩියක්  සෙට් වුනාම අයෙ ඉතින් හොල්ලනව බොරු. ලගකදි ඉදල ගෙදර වාහනේ තියන සයිඩ්   කණ්ණාඩියෙන් මූන බලන්න කුරුල්ලෙක් එනව : D මූ ඉතින් උදෙන්ම ඇවිල්ල කණ්ණාඩියෙ ආර්ම් එක උඩ වාඩිවෙලා දවසම ඔතන එක විකාරයයි 😛 කණ්ණාඩිය කෙලින් බලනව පැත්තෙන් බලනව ආයෙ කොටලත් බලනව … ඒ විතරක්නන් කමක් නෑ එතන ජරාත් කරනව :\ ඒව ඔක්කොම වාහනේ මට තමා එතකොට ඒව සෝදන්න වෙන්නෙත් පස්සෙ බැරිම තැන රෙදි කෑල්ලකින් කණ්නාඩිය වහල දැම්ම 🙂