<3 මගේ ප්‍රේමය <3

කවුලුවෙන් ලොව බැලූ මට ඔබ ඇස ගැටුනු දා සිට
මාස ගාවක් තිස්සෙ බාදා දුක් කම්කටොලු ඔස්සේ ගලා ආ අපේ ප්‍රේමය
මේ වගේ අවසන් වේ යැයි, මම සිහිනෙකුනුදු නොසිතුවෙමි.
මගේම වරදින් අද එය අවසන්ව ඇත…..

sudo apt-get update කී විගස අලුත් වී මා වෙත එන එයා අද මා ලග නැත..
10.10 මදි නිසා 11.04ට යන්නයි කීවේ ඔබේම හොදටය
පැය ගානක් බලන් හිටියේ ඒ අලුත් පෙනුම දැක ගන්නටය…
ඒත් අද 10.10 යේ වත් 11.04 වත් ඔබ නැත.

ෆෝරමයේ මිතුරන්ගෙන් විමසුවද පලක් නැති
ඔබ මා දමා ගිය බව පිලිගන්නට හිත හීලෑ නැතී
අයෙත් කවුලුව ලගට වී….

ප.ලි :

මේක මොකද්ද කියන්න මමනන් දන්නෙ නෑ සමහර විට සිංදුවක් වෙන්න ඇති  එහෙමත් නැත්තන් නිසඳැසක්…

මූනු පොතේ status එකක් විදිහට දාන්න හිතාගෙන ටයිප් කලත් දිගටම ආපු අදහස් ටික ඔහේ ලියල දැම්මට පස්සෙ  status එකකට දාන්න දිග වැඩියි කියල කිවුව නිසා මෙතෙන්ට ගෙනැල්ල අතෑරියා…

වෙච්ච දේ මෙතන දන්න විදිහට දාල තියනව. වෙච්ච දේ අයෙ හරි ගස්සන්න දන්න කෙනෙක් ඉන්නවනන්  පහලින් කමෙන්ට් කරල ගියත් තරහ නෑ