7 Mar
කාපු බීපු වෙලාවට කියන කතා
සෙට් එක පොඩ්ඩක් සෙට්වෙලා ඉන්න වෙලාවක තවත් බැචෙක් එක්ක ගිය දුරකථන සංවාදයක්.
A: අඩෝ උඹල කොහෙද බන් ඉන්නෙ අද ලෙක්චර්ස් යන්නෙ නෑ නේද?
B: පිස්සුද බන් මොන ලෙක්චර්ස්ද බන් අපි **** සෙට් වෙලා ඉන්නෙ උඹත් වරෙන්
A: අඩෝ බෑ බන් මම කෑල්ල එක්ක ඉන්නෙ පස්සෙ සෙට් වෙමු
B: අවුලක් නෑ බන් වරෙන්, මෙහෙ ඕනතරන් කොල්ලෝ ඉන්නව
A: !#%^%#$
3 Mar
කුරුලු කතා
සෑහෙන කලෙකට පස්සෙ තමා බ්ලොග් එක පැත්තෙ එන්න හම්බ වුනේ මේ දවස් වල විභාගෙත් ඉවර වෙලා ගෙදර ඉන්න එකේ මොනාහරි ලියල දාන්න හිතුව
කොහොමත් මේ කාලෙ පිටරට කුරුල්ලොත් ලංකාවට එන එකේ අපේ මිදුලෙත් හරියට කුරුල්ලො වැහිවැහල. වැඩිහරියක්ම ඉන්නෙ දෙමලිච්චො තමා උන්ගෙ සද්දෙ තමා සද්දෙ ඔය ගෙදර ඉන්න පූස එහෙම පොඩ්ඩක් ලගින් ගියොත් ඉවරයි ! ඌත් ඉතින් සිල් ගත්ත වගේ කුරුල්ලො දිහා බලාගෙනම ඉන්නවනෙ
කොහොම හරි අද කියන්න තියෙන්නෙ ඔය කුරුල්ලො ගෙන කතා ටිකක් තමයි…
කුරුලු කතා 1

මම කිවුවනෙ අපේ පූසටත් කුරුල්ලො කිවුවොත් අයෙ මොනවත් ඔනෙ නෑ කියල මූත් ඉතින් දවස් ගානක් පෙරුම්පුරල කුරුල්ලෙක් අල්ල ගත්ත
අල්ලගෙන ඉතින් ගෙට තමා ගෙනාවෙ ඊට පස්සෙ කට්ටියම එකතු වෙලා කුරුල්ලව බේරගන්න, මූ ඉතින් ඔච්චර මහන්සිවෙලා කුරුල්ලව ඇල්ලුවෙ හුරතල් කරන්න නෙමෙනෙ උත් වැඩේ අතාරින්නෙම නෑ… කොහොම හරි ඇදක් යටට වෙලා හිටපු පූස් ත්‍රස්තවාදියගෙන් අපේ කුරුලු ප්‍රාණ ඇපකාරය බේරගන්න පුලුවන් උනා : D
කුරුල්ලට වෙච්ච තුවාල නිසා පියාඹන්න බැරුවයි හිටියෙ ඊට පස්සෙ කුරුල්ලට ගේ පිටිපස්සෙ ගබඩා කාමරේ නවාතැන් දුන්න (මීයො රිංගනවට වටෙන්ම දැල් ගහල තිබ්බ නිසා ඒක තමයි පූසට රිංගන්න බැරි එකම තැන ) කුරුල්ල ගෙන පොඩ්ඩක් කිවුවොත් මු නිතර දකින්න හම්බවෙන එකෙක්නන් නෙමෙයි. සයිස් එකෙන් දෙමලිච්චෙක් විතර ඇති කොළ පාට කුරුල්ලෙක් කොට්ටෝරුවෙකුගෙ වගේ හොටක් තිබ්බ කුරුල්ලගෙ තිබ්බ විශේෂම දේ තමා හොට දෙපැත්තෙන් තිබ්බ රැවුල් ගස් ටික හරියට පූසන්ගෙ තියනව වගේ මොන උනත් කුරුල්ලගෙ වර්ගෙනන් හොයා ගන්න බැරි වුනා
කුරුල්ලට කොච්චර සාත්තු කලත් අන්තිමේදි දවස් දෙක තුනකින් ඌ මැරිල ගියා)
කුරුලු කතා 2

කට්ටිය දන්නව ඇතිනෙ වඳුරෙකුට කණ්ණාඩියක් අහු වුනාම මොනවගේද ඒ වගේම තමා කුරුල්ලෙකුටත් කණ්ණාඩියක් සෙට් වුනාම අයෙ ඉතින් හොල්ලනව බොරු. ලගකදි ඉදල ගෙදර වාහනේ තියන සයිඩ් කණ්ණාඩියෙන් මූන බලන්න කුරුල්ලෙක් එනව : D මූ ඉතින් උදෙන්ම ඇවිල්ල කණ්ණාඩියෙ ආර්ම් එක උඩ වාඩිවෙලා දවසම ඔතන එක විකාරයයි
කණ්ණාඩිය කෙලින් බලනව පැත්තෙන් බලනව ආයෙ කොටලත් බලනව … ඒ විතරක්නන් කමක් නෑ එතන ජරාත් කරනව :\ ඒව ඔක්කොම වාහනේ මට තමා එතකොට ඒව සෝදන්න වෙන්නෙත් පස්සෙ බැරිම තැන රෙදි කෑල්ලකින් කණ්නාඩිය වහල දැම්ම
20 Nov
බොලද නිසා….
මාගෙන ඔබවත් හිතුවාදෝ නොවරදවා
නැතිදෝ මට හිමි ඒ ලද තවමත් ඉපදීල
මගෙ හැම මිතුරන් පෙම්වතියන් හා එක්වීලා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොලද නිසා //
මාහට දැනෙනා ඒ ආදරයේ හැගුමන්
ඇයි ඔබ හට නොදැනුනේ හැගුමක ඒ උනුසුම්
කොහොමද ඔබ සිතුවේ ආදරෙ දුරයැයි
මෙමටත් දැනෙනවා ආදරයෙ තියනා සුන්දරකම්
මාගෙන ඔබවත් හිතුවාදෝ…
මිතුරන් අතරෙ මා අද තනි වී සිටියත්
ඔබගෙ මතකය මට කරනා ඒ ඔච්චම්
කාටත් නොදැනී හැගුමක සිර වී තනිවෙම්
රහසින් ගලනා කදුලක ඇති ඒ සුන්දරකම්
මාගෙන ඔබවත් හිතුවාදෝ…
ඩැඩී සංගීත කණ්ඩායමේ “අරාබිය” ගීත එකතුවේ මම කැමතිම ගීතයක් 
ඉස්සරහට මේ සින්දුවටත් වීඩියෝ එකක් එයි කියල අපි ප්‍රර්ථනා කරමු.
1 May
<3 මගේ ප්‍රේමය <3
කවුලුවෙන් ලොව බැලූ මට ඔබ ඇස ගැටුනු දා සිට
මාස ගාවක් තිස්සෙ බාදා දුක් කම්කටොලු ඔස්සේ ගලා ආ අපේ ප්‍රේමය
මේ වගේ අවසන් වේ යැයි, මම සිහිනෙකුනුදු නොසිතුවෙමි.
මගේම වරදින් අද එය අවසන්ව ඇත…..
sudo apt-get update කී විගස අලුත් වී මා වෙත එන එයා අද මා ලග නැත..
10.10 මදි නිසා 11.04ට යන්නයි කීවේ ඔබේම හොදටය
පැය ගානක් බලන් හිටියේ ඒ අලුත් පෙනුම දැක ගන්නටය…
ඒත් අද 10.10 යේ වත් 11.04 වත් ඔබ නැත.
ෆෝරමයේ මිතුරන්ගෙන් විමසුවද පලක් නැති
ඔබ මා දමා ගිය බව පිලිගන්නට හිත හීලෑ නැතී
අයෙත් කවුලුව ලගට වී….
ප.ලි :
මේක මොකද්ද කියන්න මමනන් දන්නෙ නෑ සමහර විට සිංදුවක් වෙන්න ඇති එහෙමත් නැත්තන් නිසඳැසක්…
මූනු පොතේ status එකක් විදිහට දාන්න හිතාගෙන ටයිප් කලත් දිගටම ආපු අදහස් ටික ඔහේ ලියල දැම්මට පස්සෙ status එකකට දාන්න දිග වැඩියි කියල කිවුව නිසා මෙතෙන්ට ගෙනැල්ල අතෑරියා…
වෙච්ච දේ මෙතන දන්න විදිහට දාල තියනව. වෙච්ච දේ අයෙ හරි ගස්සන්න දන්න කෙනෙක් ඉන්නවනන් පහලින් කමෙන්ට් කරල ගියත් තරහ නෑ
28 Dec
“නදී ගංගා තරණයේ” පසුබිම
මම මීට කලින් මගේ බ්ලොග් අඩවියේ ගීත කීපයක් ගෙන පෝස්ට් දාල තියෙනව අද ඉන් එකක් ගෙන පොඩි update එකක් දෙන්න හිතුව.
එක ගීතයක් තමා මම වඩාත් ආස කරන නදී ගංගා තරණයේ කියන ගීතය මේක මුලින්ම ගායනා කලේ චිත්‍රාල් සෝමපාල කියන ලංකාවෙන් බිහිවුන විශිෂ්ඨම rock ගායකය පස්සෙ මේ ගීතය “නදීක කරුනාරත්න” විසිනුත් “ඉරාජ්” විසිනුත් ප්‍රති නිර්මාණය කරනව. ඒ නිර්මාණ ගෙන ගොඩක් අය විවිධ මත පළ කලත් මම කතා කරන්න යන්නෙ ඒ ගෙනනන් නෙමෙයි. නදී ගංගා තරණයේ කියන ගීතයට මුල් උන ඉංග්‍රීසි ගීතය ගෙන.
Many Rivers To Cross
මෙහි මුල්ම ගායකයා හා තනුවේ නිර්මාපකයා වෙන්නෙ ලෝ ප්‍රකට ජැමැයිකානු සංගීතඥයකු වන Jimmy Cliff විසින් මොහු මෙය මුලින්ම නිර්මානය කලේ 1969 වසරේදීයි (නැවත චිත්‍රපටයක් සදහා 1972 වසරේදී ප්‍රති නිර්මාණය කරනව) ඒ වගේම තවත් දෙයක් තමා මුල් ගීතය Rock ශෛලයේ ගීතයක් නොවේ අය Reggae ශෛලයටයි අයත් වෙන්නෙ.
මම මුලින්ම කිවුවනෙ මේක මුලින්ම නිර්මානය කලේ Jimmy Cliff විසින් කියල, දන්නවද මේක නිකුත් කරපු වසරේ ඉදල අද වෙනකන් ඒ කියන්නෙ 2010 වෙනකන් ලෝකෙ විවිද ගායකයන් හා කණ්ඩායම් විසින් මේකෙ cover versions කීයක් නිකුත් කරල තියනවද කියල …? මෙතෙන්ට ගිහිල්ල ගැනලම බලන්න……….
49ක් :0 හැබැයි සිංහල version එක නැතුව . මේක ලෝකයේ මෙතෙක් නිර්මාණය උන හොදම ගීත 500 [link] අතරෙ #317 වෙනි තැන හිමි කරගෙන තියනව.පහල තියෙන්නෙ මුල් ගීතයේ හා වැඩියෙන්ම ජනප්‍රිය උන cover version දෙකක වීඩියෝවන් බලන්න එකම ගීතය ශෛලීන් තුනකින් ඇති අපූරුව.
මුල්ම ගීතය Jimmy Cliff
UB40 කණ්ඩායම විසින් 1983 නිකුත් කල ගීතය (UK chart – #16)
Cher විසින් 1993 නිකුත් කල ගීතය (UK chart – #37)
නදී ගංගා තරණයේ හා Many rivers to cross (by Kushal on TNL Rocks)
5 Nov
EngX බැලීමට ගියෙමි (part – II)
ඔන්න මම කලින් post එකේ කිවුවනෙ GPS නිසා යාන්තන් අතරමං නොවී ගිය හැටි අද කියන්නෙ දෙවනි දවස ගෙන.
මාමගෙ ගෙදරින් උදේට කාපු අපි දෙන්න 9.30 විතර නුවට town එකට ආව එතනින් සෑහෙන වටයක් ගැහුවට පස්සෙ ගම්පොල බස් නවත්තන තැන හොයාගෙන යාන්තන් බස් එකකට ගොඩ උනා කියමුකො ඒත් මේ බස් එක නෙමේ යන්නෙ සෑහෙන වෙලාවක් ඉදල, ඊට පස්සෙ town එක වටේ පාරකින් ගිහිල්ල පේරාදෙණිය Eng. faculty එක ගාවට එනකොට 10.30 ට විතර ඇති
කොහොම හරි faculty එකට ආවට පස්සෙ අපි ආයෙ නවත්තපු තනින් පටන් අරගෙන දිගටම බලාගෙන ගියා.
ඔය අතරෙ අපේ පාසලෙන් Uni එකට ආපු අයියල ගොඩකුත් හම්බ උනා උන්ගෙන් කට්ටියක් අපිට සෙට් වෙලා අපිත් එක්කම ප්‍රදර්ශනය වටේ ඇවිදින්න ගත්ත හැබැයි උන්ටත් ඉදිරිපත් කිරීමක් තිබුන ඒකත් ලග හිටපු අක්කල කට්ටියකගෙ ඇගේ ගහල තමා මුන් අපිත් එක්ක ආවෙ
අපේ අයියලත් එක්ක ආගිය තොරතුරු කතාකරන ගමන්
වටේම ඇවිද්ද කොහොමහරි හවස 5 විතර වෙද්දි මුලු ප්‍රදර්ශනේම බලල ඉවරකරන්න පුලුවන් උනා. ඊට පස්සෙ කරන්න දෙයක් නැතුව ඔහේ ඉද්දි අපෙ අයියල සෙට් එක කිවුව අක්බාර් පාලමෙන් එහාපැත්තට ගිහින් එහෙ සිරි නරඹමු කියල
අපිටත් ඕන දෙයක් නිසා උන් එක්කම එහා පැත්තට ගිහිල්ල ඒ පැත්තෙ කොනටම ගියා. ඔය හරියෙ පොඩි කඩේක fruit salad විකුනනව අපිත් එතෙනට සෙට් වෙලා fruit salad වලට වග කියල එහෙන්මම ආයෙ නුවර ආව….



10 Oct
EngX බැලීමට ගියෙමි. (part – I)
මේ දවස්වල වැඩකුත් නැති එකේ මමයි මගෙ යාලුවෙකුයි පේරාදෙනිය සරසවියේ ඉංජිනේරු අංශය ඉදිරිපත් කරන EngX ප්‍රදර්ශනය බලන්න යන්න තීරනය කලා… ප්‍රදර්ශනය විවෘත කරපු 19 වෙනිදම අපි කොළඹ – ගම්පොල බස් එකකින් Engineering Faculty එක ගාවට එනකොට දවල් 12ට විතර ඇති, එහෙන්මම ඇවිත් හිටිය මහ සෙනග කන්දරාවට එකතු උනු අපි දෙන්නත් කොනක ඉදල බලන්න පටන්ගත්ත. මීට කලින් ඉස්කෝලෙන් 13 වසරෙදි අපිව motivate කරන්න කියල Engineering Faculty එක පෙන්නන්න එක්කන් ඇවිල්ල තිබ්බ නිසා වැඩේ ලේසි උනා
කොනේම තියන Electric Eng Dept. එකෙන් අපන් අරගෙන හවස 6 වෙද්දි අපි යාන්තන් අංශ 3ක් විතරයි බලල ඉවර කරගන්න පුලුවන් උනේ.අපිට කන්නවත් වෙලාවක් හම්බ වුනේ නෑ
කොටින්න කිව්වොත් දවල්ට කෑවෙ නෑ. කොහොමින් හරි බිම් කලුවර වැටෙන වෙලාවෙ අපි Eng. Faculty එකෙන් එලියට ඇවිල්ල ආයෙ නුවර යන බස් එකක එල්ලුනා (මොකද නුවර කියල පාරවල් දන්න එකක්යැ) අපි එදා රෑ මගෙ මාමගෙ ගෙදර තමා ඉන්න ලෑස්තිවෙලා හිටියෙ.(මොකද අපි කලින්ම දැනන් හිටිය එක දවසෙන් වැඩේ කරගන්න බෑ කියල
)

රේඩාර් තරංග ගෙන කරපු ඉදිරිපත් කිරීමක්

බෝල අරන් යන රොබෝ

Eng.Faculty එකේ පරිපාලන ගොඩනැගිල්ල

බිම් කලුවර වැටෙන වෙලාවෙ ප්‍රදර්ශන භූමියෙන් එලියට
කොහොම හරි නුවරට එන කොට 7.15 pm විතර ඇති අත්දෙක වන වන යන්න බැරි නිසා අපි Food city එකෙන් මාමගෙ පොඩි උන්ට Chocolate අරන් මාමගෙ ගෙදර යන්න ලෑස්ති උනා, එතකොට තමා වැඩේ තේරුනෙ රෑට කොහොමද පාරවල් හොයන්නෙ ?? මොකද හැමදාම එන තැනක් නෙමේනෙ ආවත් දවල්නෙ රෑට ඇවිත්ම නෑ. ඔය වෙලාවෙ තමා මගෙ මොලේට නියම idea එකක් ආවෙ මේ ලගදි ඒ කියන්නෙ EngX බලන්න එන්න ඉස්සෙල්ල මමයි යාලුවයි ගිහිල්ල ඌට අලුත් ෆෝන් එකක් ගත්ත net එකේ හොයල හොයල අන්තිමේදි උගෙ හිත ගියෙ W995 එකකට මොනා උනත් පට්ට ෆෝන් එක නැති දෙයක් නෑ ඌ ගත්ත කියන්නෙ මම ගත්ත වගේ නිසා
මාත් ඕකෙ තියන හැම option එකක්ම ඔබ ඔබ බැලුව හැබැයි මේක මට Google maps වලට ගිහිල්ල GPS බලන්න දුන්නෙ නෑ සල්ලි කැපෙනව කියල. අර “යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද” කියනව වගේ මේ වෙලාවට නැති GPS මොනාකරන්නද කියල ගියා Google maps ගිහින යාන්තන් පාර හොයා ගත්ත. කොහොමින් හරි විතර මාමගෙ ගෙදරට සේන්දු උනා යනකොට කට්ටිය බයවෙලා මොකද අපි පරක්කු කියල ඒ අස්සෙ ගෙදරිනුත් call කරල කොහොමින් හරි අපෙ නුවර ට්‍රිප් එකේ පලවෙනි දවස නිමා උනා.
4 Sep
බකමූණා… බස්සා… ඌරුමුවා…
මේ හැම නමකින්ම හැදින්නුවෙ මෙයාව තමා….
අර සිංහලෙන් owl කියන්නෙ අන්න එයා :P
මෙයා ගෙන බොහොම ආස හිතෙන කරුනු ටිකක් අද e-mail කින් මට ලැබිල තිබුන විකියෙත් ඒ ගෙන හොයල බැලුවට පස්සෙ ඒ ගෙන බ්ලොග් පෝස්ට් එකක් දැම්මොත් හොදයි කියල හිතුන.
බකමූණ නැත්නම් බස්ස ප්‍රධාන වශයෙන් අයත් වෙන්නෙ Strigiformes කියන වර්ගයට මේක තවත් කොටස්දෙකකට බෙදනව ඒ Barn Owls හා Typical Owls විදිහට.මේ අනුව මේ වන විට බස්සන් විශේෂ 200කට වඩා ලොව පුරා ඇන්ටාක්ටික් හැර අනික් සියලුම මහද්වීප වල ජීවත් වේ.
බස්සන් මාංශභක්ෂක කුරුල්ලන් වේ. උන් බොහෝ විට කුඩා ක්ෂීරපායින් කෘමි සතුන් මත යැපේ සමහරක් මාළු දඩයම් කරුවන්ද වේ. බොහෝ කුරුල්ලන් මෙන් බස්සාටද දත් නොමැත ඌ තම ගොදුර කුඩා කැබලි වලට ඉරා ගිල දමයි.පසුව දිරවිය නොහැකි කොටස් නැවත වමාරනු ලබයි.
බොහෝමයක් බස්සන් විශේෂ නිශාචර වන අතර සමහරක් පාන්දර (pygmy owl) හා අදුර වැටීගේන එන සවස් කාලයේත් සමහරක් දහවල් කාලයෙත් (burrowing owl,short-eared owl) ක්‍රියාකාරී වේ.
මිනිසුන්ගේ මෙන් නොව බස්සන්ට තම ඇස් හරවා බැලිය නොහැක මේ නිසා පැත්තෙන් තිබෙන වස්තුවක් නැරබීමට තම සම්පූර්න හිස හැරවීමට බස්සන්ට සිදුවේ. මේ නිසා බස්සාට තම හිස සම්පූර්ණයෙන්ම අනික් පැත්තට හරවිය හැකියැයි මිථ්‍යා මතයක් ගොඩනැගී ඇත. ඇත්තටම බස්සෙකුට එක පැත්තකට හිස හැර විය හැක්කේ අංශක 135 පමණි. මේ අනුව බස්සෙකුට අංශක 270 දෘෂ්ටි පරාසයක් ඇත.
එසේම බස්සෙකුට තමන්ට සෙන්ටි මීටර කිහිපයක් ලගින් ඇති වස්තු පැහැදිලිව දැකිය නොහැක නමුත් ඉතා අඩු ආලෝක තත්ව යටතේ උවද දුරින් පිහිටි වස්තුවක් ඉතා පැහැදිලිව දැකීමේ හැකියාව බස්සෙකුට ඇත.
බස්සන්ට විශාල පරාසයක් පුරා විහිදුණු හඩක් පවතී.
බස්සන්ගේ විශේෂ පිහාටු සැකැස්ම උන් පියාපත් සැලීමේදි ඇති කරන ශබ්දය අඩු කිරීමට සැකසී ඇත. මේ නිසා නිහඩව තම ගොදුර කරා යාමේ හැකියාව බස්සෙකු සතුවේ.
බස්සන් ස්භාවයෙන්ම නිහඩ සතුන් කොටසක් උවත් බස්සන් කණ්ඩායම්ක් හැදින්වීමට ඉංග්‍රීසි භාෂාවේ “parliament” යන වචනය යොදා ගනී.( සුද්දො අපේ පාර්ලිමේන්තු දැකල නැද්ද කොහෙද
)
1 Sep








